නැගෙනහිර අප්‍රිකානු රටවල් රැසකට පලගැටි උවදුරක්.

Share Button

නැගෙනහිර අප්‍රිකාවේ රටවල් රැසක ඉතා දරුණු පලගැටි උවදුරක් පවතින බව වාර්තාවේ. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත ඩේවිඩ් හියුස් පවසන්නේ වසර 70 කට පසුව ඇති වු දරුණුතම පලගැටි උවදුර මෙය වන බවයි. එම කලාපයේ රටවල් රැසක වගා බිම් මේ නිසා විනාශ වී තිබේ. පලගැටියන් විශාල සංඛ්‍යාවක් වගාබිම් වලට පැමිණ පැය කිහිපයකදී වගාව සම්පුර්ණයෙන් කා දමන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉතියෝපියාව. සෝමාලියාව. සහ කෙන්යාව යන රටවලට ඉන් දැඩි හානි සිදුව තිබේ. හෙක්ටයාර් දෙලක්‍ෂයකට අධික වගාබිම් ප්‍රමාණයක් මෙම උවදුරෙන් විනාශ වී ඇත. වනාන්තර සහ ගල්ගුහාවල සිට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත පලගැටියන් එම රටවල කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පලගැටියන් මර්දනයට කෘමිනාශක ඉසීමට ක්‍රියාකළද ඉන් පලක් විී නැතැයි වාර්තාවේ. මෙම පලගැටියන් අල්ලා ගන්නා පිරිස් ඒවා ආහාරයට ගැනීමටද පුරුදු වී සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11