ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් රැසකට විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයි

Share Button

රටේ අපනයන කර්මාන්තය නගා සිටුවීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනමින් රටවල් රැසක නගර වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයි. ලබන 18 වැනිදා සිට එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. කොළඹ සිට සතියකට විශේෂ ගුවන් ගමන් 27 ක් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි. ලන්ඩන්. ෆ්‍රුන්ක්ෆර්ට් . බීජිං. ෂැන්හයි. ගුවැන්ෂු යන නගරවලට එම ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව මෙල්බන්. සිංගප්පුරුව. ඈත පෙරදිග. ටෝකියෝ. දෝහා හා ඩුබායි යන රටවලටද ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලසුම් කර තිබෙ.් මාලදිවයින. ඩකා. සහ ඉන්දියාවේ නගර කිහිපයකටද ගුවන්සේවා ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපොලේ සහ ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොරෝනා වසංගතය පාලනය කීරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශවලට අනුකුලව සහ ජාත්‍යන්තර ගුවන් නීතිරීතිවලට අදාලව එම කටයුතු ආරම්භ කෙරේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද කාර්මික අපනයන . ආයෝජන. ප්‍රවර්ධන. සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවැත්විනි. එම අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීහු ඊට එක්ව සිටියහ. කටුනායක ගුවන් තොටුපොල නැවත ආරම්භ කිරීමේදී පැමිණෙන මගීන් කොවිඩ් 19 පරීක්‍ෂාව සිදුකිරීම අනිවාර්යය වේ. ශ්‍රී ලංකාවෙන් පිටත්වීමේදී ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දි තිබේ. ඒ අනුව කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරිීන්ට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11