කොරෝනා රෝගීන්ගෙන් සියයට 50 ක් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය ඇමති කියයි

Share Button

කොරෝනා රෝගීන්ගෙන් සියයට 50 ක් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි. රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන රෝගින් සමාජයේ සිටිය හැකිය. එබැවින් ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු සමාජ දුරස්ථබව තබා ගැනිමට ජනතාව සැලකිලිමත් වියයුතු බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දෑත් පිරිසිදුව තබාගැනීමට ක්‍රියාකළ යුතුය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ පුද්ගලයන් නිරෝධායනය කිරීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාව පවසය. ඊට විවිධ ආයතනවලින් ද්‍රව්‍යමය ආධාර ලබාදෙයි. නාවික හමුදා සාමාජිකයන්ගේ ආරක්‍ෂාව සහ කඳවුරුවල වෛරසය ව්‍යාප්තවිීම පාලනය කිරීමටද නාවික හමුදාව ක්‍රියාකර තිබේ. එහිදී දුරස්ථබව ආරක්‍ෂා කිරීමට සහ පවත්වා ගෙන යාමටද ක්‍රියාකෙරේ. කොරෝනා වෛසරය ව්‍යාප්තිය පාලනය සදහා කැපවී ක්‍රියාකරන නාවික හමුදා සාමාජිකයන්ගේ පහසුව සදහා පෞද්ගලික සමාගමක් විදුලි පංකා තොගයක්ද පරිත්‍යාග කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11