කොරෝනා වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනිමට පරික්‍ෂණ

Share Button

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනිම සදහා පරික්‍ෂණ සීයයකට අධික සංඛ්‍යාවක් ලොවපුරා සිදුකෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත් මෙතෙක් එම වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් හෝ ඖෂධයක් සොයාගැනීමට හැකිවී නොමැත. දැනට සිදුකර ඇති පරීක්‍ෂණවලට අදාළව සායනික අත්හදා බැලීම් සදහා අනුමත කර ඇත්තේ එන්නත් 8 ක් පමණක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. මිනිසුන් යොදාගෙන පළමුවරට එවැනි එන්නතක් අත්හදා බැලුවේ ඉකුත් මාර්තු මාසයේ අමෙරිකාවේදිීය.
…………

කොවිඩ් වෛරසය සදහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයා ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබාදිමට ලෝක නායකයෝ පොරොන්දු වෙති. ඊට යුරෝපා සංගමය යුරෝ බිලියනයක් ප්‍රදානය කර තිබේ. නොර්වේ රාජ්‍යයද ඩොලර් බිලියනයක් ලබාදෙන බව ප්‍රකාශ කරයි. අරමුදල් එක්රැස් කිරීම සදහා පැවැති ලෝක නායක සමුඵවේදී මෙම එකගතාවට පැමිණ ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11