සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව රැස්වේ.
ඇදිරි නීතිය ලිහිල් කළ පසු සෞඛ්‍ය කාර්යය මණ්ඩල ශක්තිමත් කිරීමට හා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිපදින ලෙස ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේදීය. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව අද රැස්විය. ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වෛරස ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදුවුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමේදී ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණදිීම සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා විී තිබේ. වෛරසයට අදාළ පරීක්ෂණවලට අමතර කාර්ය මණ්ඩල යොදා ගැනීමටත් ඔවුන් සදහා විශේෂ පුහුණුවක් ලබාදීම පිළිබඳවද අවධානය යොමුවිය. ග්‍රාමීය හා මුලික රෝහල්වල සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා හිගයකින් තොරව ආරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමටත් වෛරසය පාලනය කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමටත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.