සියඵ ආගම් සහ ජාතීන් එකට එක්ව තීරණ ගතයුතු කාලය එළඹ ඇතැයි අගමැති පවසයි.

Share Button

සියඵ ආගම් සහ ජාතීන් එකට එක්ව තීරණ ගතයුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ලොව අන්තවාදය ප්‍රථමයෙන් බැහැර කළ පුද්ගලයෝ බෞද්ධයෝය. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කළේ අරලියගහ මන්දිරයේ අද පැවැති රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙමිනි. විවිධ ආගම් සහ ජාතීන් ලෙස ජීවත්වුවද සියලු දෙනා මනුෂ්‍යයන් ලෙස සිතා එක්ව ක්‍රියාකළයුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ පැවසුවේ රජය ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් සියලු පුරවැසියන් තම වගකීම් ඉටුකළයුතු බවයි.

මිනිසා ස්වභාවධර්මයට පිටුපෑම නිසා වර්තමනායේ ලෝකයට විපත් සිදුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමින්වහන්සේ පැවසුහ. සොබාදහමට අනුගතව බුදුන් වහන්සේගේ ජිවිතය ආදර්ශයට ගතයුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

අමරපුර මහ සංඝ සභාවේ ලේඛකාධිකාරී පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර ස්වාමින් වහන්සේ මෙහිදී කියා සිටියේ බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව කටයුතුකරන බැවින් ් මනුෂ්‍යත්වය රටේ පවතින බවය.ි

මෙරට ඉතිහාසය ගොඩනැගීමට මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ආභාෂය ලැබුණ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පුජ්‍ය මාතලේ ධම්මකුසල ස්වාමීින් වහන්සේ පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *