; ලිහිල් කළ ඇදිරි නීතිය අද රාත්‍රි 8.00 ට යළි පැනවේ. එය ලබන සදුදා අලුයම 5.00 දක්වා සියලු දිස්ත්‍රික්කවලට බලාත්මකයි.

Share Button

කොළඹ. ගම්පහ. කඵතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද රාත්‍රි 8.00 ට යළි පැනවේ. එය ලබන සදුදා අලුයම 5.00 දක්වා සියලුම දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වන බව රජය පවසයි. අවදානම් දිස්ත්‍රික්ක හතරේ ඇදිරි නීතිය තිබියදී සෙසු ප්‍රදේශවල ජනජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්කිරීම සදුදා ඇරඹෙන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. රාජ්‍ය. පෞද්ගලික දෙඅංශයේ ආයතන සදුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතුය. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුලු ජනජිවිතය සහ ආර්ථිකය යථා තත්වයට පත්කිරීම එහි අරමුණ බව ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *