රාජ්‍ය වෙසක් උත්සවය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී

Share Button

රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන කිසිවකු විපත්වලදී කම්පා නොවන බවයි .සොබා දහමේ බලපෑම හමුවේ ලෝකයේ ප්‍රබලයින් රැසක් මේ වන විට බලපෑමට ලක්ව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් කොළඹදී අද පෙරවරුවේ පැවැතවිණි. එහිදී අවධානය යොමු කෙරුණේ මෙරට කොරානා වෛරසයට එරෙහි වැඩපිළවෙල සහ පශ්චාත් කොවිඩ් 19 ආර්ථික අභියෝග අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳවයි. එහිදී තානාපතිවරිය පැවසුවේ රටේ මහජන සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බවයි. මෙරට ස්ථීර පාර්ශවකරුවෙකු ලෙස සිටීම අමෙරිකාවේ අපේක්ෂාව බවද ඇය කීවාය. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී ඉල්ලා සිටියේ මෙරට ඇගලුම් කර්මාන්තය සදහා සහාය ලබාදෙන ලෙසයි. ප්‍රධාන පෙලේ ඇගලුම් කර්මාන්ත ශාලා ගෝලීය අවශ්‍යතාව සලකා බලා පුද්ගලික ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.. මේ සම්බන්ධයෙන් සොයා බැලිමට අමෙරිකානු තානාපතිවරිය එකගතාව පල කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *