මැදපෙරදිග කොරෝනා ව්‍යප්තියට ප්‍රධානම හේතුව ඉරාන ගුවන් සේවය

Share Button

ඉරාන ගුවන් සේවය මැදපෙරදිග කලාපයේ කොරෝනා ව්‍යප්තියට ප්‍රධානම හේතුව වූ බවට සමීක්ෂණයකින් තොරතුරු හෙලි වෙයි. ජනවාරි මුල සිට මාර්තු දක්වා ඉරානයේ විශාලතම ගුවන් සේවය වන මහාන් ගුවන් සේවය ගුවන් ගමන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. එසේ ගුවන් ගමන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත්තේ ඉරාන රජය ගුවන් ගමන් තහනමක් පනවා තිබියදී වීම විශේෂත්වයයි. මෙම ගුවන් සේවය ඉරාකය. එක්සත් අරාබි එමීර් සහ සිරියාව යන රටවලට වෛරසය ව්‍යප්ත වන කාලයේදී ගුවන් ගමන් මෙහෙයවා ඇත්තේ කවර බලයක් යටතේද යන්න දැන් පරික්ෂණ සිදු කෙරේ.

මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 37 ලක්ෂ 28 දහස් 392 ක් ලෙස දැක්වේ. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12 ලක්ෂ 37 දහස් 761 කි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයෝ 2 ලක්ස 50 දහස් 561 දෙනෙක්ද ඉතාලියෙන් ආසාදිතයෝ 2 ලක්ෂ 13 දහස් 13 දෙනෙක්ද වාර්තා වෙති . බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1 ලක්ෂ 94 දහස් 990 කි. ප්‍රංශයෙන් ආසාදිතයින් 1 ලක්ෂ 70 දහස් 551 දෙනෙකු වාර්ථා වේ.

ඊයේ දිනයේදී ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 24 දහස් 345 කි. රුසියාවෙන් ගතවූ පැය 24 දී වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස දහස් 102 කි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 6449 දෙනෙකු වාර්තා වේ. බ්‍රිතාන්‍යයෙන් ගත වූ පැය 24 දී වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4406 කි. පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 3817 ක්ද ඉන්දියාවෙන් ආසාදිතයින් 2963 ක්ද ඊයේ වාර්තා විය.

මේ වන විට ලෝකයේ මුඵ කොරෝනා මරණ සංඛ්‍යාව 2 ලක්ෂ 58 දහස් 361 කි. ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව හැත්තෑ දෙදහස් 275 කි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 29 දහස් 427 කි. ඉතාලියෙන් කොරෝනා මරණ 29 දහස් 315 ක්ද ස්පාඤ්ඤයෙන් මරණ 25 දහස් 613 ක්ද වාර්තා වේ. ප්‍රංශයෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 25 දහස් 531 කි.
ගතවූ පැය 24 දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 2329 කි. බ්‍රිතාන්‍යයෙන් මරණ 693 ක්ද බ්‍රසීලයෙන් මරණ 578 ක්ද. ප්‍රංශයෙන් මරණ 330 ක්ද ගතවූ පැය 24 දී වාර්තා විය. ඉතාලියෙන් මරණ 236 ක් ඊයේ දිනයේදී වාර්තා විය. ස්පාඤ්ඤයෙන් මරණ 185 ක්ද ඉන්දියාවෙන් මරණ 127 ක් ද ගතවූ පැය 24 දී වාර්තා විය. කැනඩාවෙන් මරණ 185 ක් ඊයේ වාර්තා විය.

කොරෝනා වැලදී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව 12 ලක්ෂ 39 දහස් 488 කි. ඇමරිකානුවෝ 1 ලක්ෂ 99 දහස් 804 දෙනෙක් සුවය ලබා සිටිති. ස්පාඤ්ඤයේ 1 ලක්ෂ 54 දහස් 718 දෙනෙක් සුවය ලබා සිටිති. ජර්මනියේ සුවය ලැබූ සංඛ්‍යාව 1 ලක්ෂ 35 දහස් එකසියයකි. ඉතාලියෙන් සුවය ලැබූ 85 දහස් 231 දෙනෙකු පිලිබද තොරතුරු වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11