අමා දම් සිසිලස ධර්ම දේශනාව අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී .
අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 197 වන ධර්ම දේශණය අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්විණ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ධර්ම දේශණා වැඩසටහන නිරෝධායන නිතිවලට අනුව සීමා සහිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. බෙල්ලන්විල රජමහා විහාරාධිපති පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම දේශනය පැවැත්විණ. පුජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ රචනා කල බුදු මග යලි සිහිගැන්වූ කොරෝනා නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීමද මෙහිදී සිදුවිය .