ශී‍්‍ර ලංකාව කොරෝනා රෝගීන් සුවවීමේ ගෝලීය දර්ශකයේ තෙවන ස්ථානයට
මෙරට කොවිඩ් රෝගීන් 232 දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අද දිනයේ පිටව ගිය සංඛ්‍යාව 17කි. කොවිඩ් රෝගීන් සුවවීමේ ලෝක දර්ශකයට අනුව සිව්වන ස්ථානයේ සිටි ශී‍්‍ර ලංකාව තෙවන ස්ථානයට නැවතත් පත්ව සිටී. එම අනුපාතය දැක්වෙන්නේ සියයට 29 යි දශම එකයි එකක් ලෙසයි. පළමු සහ දෙවන ස්ථානවල ස්පාඤ්ඤය පසුවෙයි. මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 804 කි. 134 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති. මියගිය සංඛ්‍යාව 9කි. කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ 30 දහස් 303ක් සිදුකර ඇත. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙනි. එම සංඛ්‍යාව 160 කි. වැලිසර නාවික හමුදා කඳවුරෙන් 207 දෙනෙකු වාර්තාවේ.