ලබන සදුදා දුම්රිය හා ලංගම බස්රථ ධාවනයට ප‍්‍රවාහන සැලැස්මක්

Share Button

ඇදිරි නීතිය ලිහිල්කරන ලබන සදුදා දුම්රිය හා ලංගම බස්රථ ප‍්‍රවාහන සැලැස්මක් යටතේ ධාවනයට එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ආරක්‍ෂාකාරී ප‍්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීම අරමුණ බව ඇමතිවරයා ජාතික ගුවන් විදුලියට පැවසීය.

අප කළ විමසුමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ ආයතනවල සිටම බස් රථ ධාවනය කෙරෙන බවයි.

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ආයතන ලබන 11 වැනිදා ආරම්භ කෙරෙ. සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරමින් ඒවා විවෘත කිරීමට අවසරය ලබාදී ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පැවසීය. අත්‍යවශ්‍ය සේවක කණඩායමක් පමණක් යොදාගෙන එම සේවා කි‍්‍රයාත්මක කෙරෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *