ශ්‍රීපාද වන්දනා සමය අවසන්

Share Button

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න ස්වාමින් වහන්සේ පැවසුහ. චරාත්‍රානුකුලව ශ්‍රීපාද උඩමඵවේ අද උදෑසන පැවැති තේවාව සහ විශේෂ ආගමික වතාවත්වලින් පසු සදාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවා තිබේ. එතැන් සිට සදාතුක කරඩුව. සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය වෙත වැඩමකරවීමට නියමිතයි. විශේෂ පුජා පවත්වා ශ්‍රී පාද අවාරය අවසන් වනතෙක් ඒවා එහි තැන්පත් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *