ගුවන් හමුදා සතු ඇන්ටනොව් 32 යානා අලුත් වැඩියාවට යුක්රේන ඉංජිනේරුවන් මෙරටට
ගුවන් හමුදා සතු ඇන්ටනොව් 32 වර්ගයේ යානා අලුත් වැඩියා කිරීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදීමට යුක්රේන ඉංජිනේරුවෝ 6 දෙනෙක් මෙරටට පැමිණෙති. එවැනි යානා 3 ක් අලුත් වැඩියා කිරීමේ මට්ටමේ පවතී. ඒවා අලුත්වැඩියා කෙරෙන්නේ යුක්රේනයේදීය. එම යානා එරටට රැගෙන යාමට පෙර පරීක්ෂා කර තාක්ෂණික වාර්තාවක් ලබාදීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. එහෙත් ඔවුන් නිරෝධායනයට යොමු කර ඇති බැවින් එම කටයුතු දින 14 කට ප්‍රමාද වනු ඇතැයිද ගුවන් හමුදාව පවසය. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට රැදී සිටි යුක්රේන ජාතිකයන් පිරිසක්ද අද නැවත සිය රට බලා ගිය බව ද වාර්තාවේ.