මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහල යයි

Share Button

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහල යයි. ඊයේ දිනයේදී ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සුවය ලැබූ සංඛ්‍යාව 240 කි. මේ වන විට දිනකට පීසීආර් පරික්ෂණ 1500 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සිදු කෙරේ. කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව අහඹු ලෙස පීසීආර් පරික්ෂණ සිදු කෙරේ.

මේ අතර කොළඹ කොටස් වෙලදපොල සදුදා සිට විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. පෙරවරු 10 30 සිට 11 දක්වා පූර්ව ගනුදෙනු සැසිය ක්‍රියාත්මක වේ. කොටස් වෙලදපොල විවෘත හුවමාරු පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මක කෙරේ. පසුගිය මාර්තු මස 20 වනදා කොළඹ කොටස් වෙලදපොල වසා දැමුණේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙනි.

ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් මෙරටට ගෙන ඒම සදහා විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ මෙල්බර්න් බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *