විදේශගත ශ්‍රී ලාංකිකයෝ තුන්දහසක් මෙරටට ගෙන්වා ගැනෙති

Share Button

විදේශගතව තුන්දහසකට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට යොමුකර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා පවසයි. සිසුන්. තාවකාලික වීසා මත සිටි ශ්‍රමිකයෝ සහ ප්‍රතිකාර සදහා විදෙස් ගතව සිටි පිරිස් ඒ අතර වෙති. ඉදිරියේදී ද විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ක්‍රියාකෙරේ. ඔවුන් ගෙන්වා ගැනීමේදී නිරෝධායන ඇතුඵ අනෙුකුත් පහසුකම් සැපයිමේ හැකියාව පිළිබඳව සලකා බැලේ. ක්‍රමානුකුලව විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ක්‍රියාුකරන බව ජනාධිපති අතිරේක ලේකම්වරයා පැවසීය.

මැලේසියාවේ රැදි සිටි ශ්‍රී ලාංකිකයෝ 178 දෙනෙක් අද දිවයිනට පැමිණෙති. විදේශගත ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනිමේ රජයේ වැඩපිලිවෙල යටතේ ඔවුන් මෙරටට ගෙන්වා ගෙන ඇත. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකු ඊයේ දිනයේදි මෙරටට රැගෙන ආ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. ඉකුත් 8 වැනිදා තවත් ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු මෙරටට රැගෙන විත් තිබේ. ඉකුත් සතියේදී දකුණු ආසියානු රටවල සිටි ශ්‍රී ලාංකිකයින් 1065 දෙනෙකු දිවයිනට ගෙන්වා ගත් බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. සෙසු රටවල සිටින පිරිස්ද ක්‍රමානුකුලව ගෙන්වා වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *