කැබිනට් අමාත්‍යංශ 7 කට නව ලේකම්වරු පත් කෙරෙති

Share Button

කැබිනට් අමාත්‍යංශ 7 කට ලේකම්වරු අලුතින් පත් කෙරෙති. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි. අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ එස් එම් මොහොමඩ් මහත්මියයි. ජේ ජේ රත්නසිරි මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇත. සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ එස් හෙට්ටිආරච්චි මහතායි. කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එච් කේ ඩී ඩබ්ලිව් එම් එන් බි හපුහින්න මහතා පත් කර ඇත. අභ්‍යන්තර වෙලෙද ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජේ එම් බී ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ ඇත. විශ්‍රාමික මේජර් ජෙනරාල් එස් කේ එස් පෙරේරා මහතා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයායි. සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතායි.
කොවිඩ් නයින්ටීන් වයිරසයේ අවදානම් කලාප ලෙෂ හදුනා ගෙන තිබු කඵතර සහ පුත්තලම දිස්ත්‍රික්ක ද ඇතුඵව දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය අද උදෑසන ලිහිල් කෙරිණ. ඒ අතර අඛන්ඩව ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිම හා ආයතනික ක්‍රියාකාරිත්වය අද සිට යලි ආරම්භ විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11