සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන හා පුද්ගලයන්ට සහන

Share Button

සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයන්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කෙරේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ ඇත. ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති අය හා ආයතන ලබන වසරේ ද එම ගාස්තුවෙන් නිදහස් කෙරේ. තවමත් මේ වසර සදහා අදාල ලියාපදිංචිය අලුත් කර නොමැති පුද්ගලයන් හා ආයතනවලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත් කර ගැනීමට හැකිය. අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති නිමාලි ප්‍රනාන්දු මහත්මිය ඉදිරිපත් කර ඇත. සංචාරක ක්‍ෂේත්‍රයේ නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන 2700 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ. සංචාරක මග පෙන්වන්නන්ගේ ඇතුඵ් සංචාරක ක්‍ෂේත්‍රයේ විවිධ සේවා සපයන පුද්ගලයෝ 5400 කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටිති. කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීමේ කෙටි කාලින වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙම තීරණයට එළැඹි බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *