සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් මිදී ආර්ථික පුනරුදයට දායක වන්න – ජනපති

Share Button

නව කොරෝනා සංගතය හේතුවෙන් ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීමට සාම්ප්‍රදායික චින්තනයෙන් සහ රාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී. කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට රජයට හැකි විය. දැන් ඇති විශාලතම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමයි. ඇගලුම් කර්මාන්තය යථා තත්ත්වයට පත් වීමට බොහෝ කලක් යනු ඇත. සංචාරක ව්‍යාපාරයේද සිදුව ඇත්තේ බරපතල පසු බැස්මකි. අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලය. පැරණි ආනයන ක්‍රමය තව දුරටත් ගෙන යා නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුය. ඒ සඳහා සක්‍රීය ලෙස දායක වීමට බැංකු ක්ෂ්ත්‍රයට හැකි බව ජනාධිපතිතුමා කියයි. බැංකු ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටඑ සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුඑව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරුද රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11