ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 15 වැනිදා සිට

Share Button

මෙරට ජාතික 20 යි විස්ස ක්‍රිකට් ඉසව්ව ලෙස ලබන අගෝස්තු   සැප්තැම්බර් මාසවල දී ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළිදැක්වීමට ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වෙයි  මෙරට ක්‍රීඩා දින දර්ශනයේ වඩාත් කැපී පෙනෙන තරගාවලිය ලෙස මෙය දියුණු කිරීම ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුවයි  අගෝස්තු 15 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා ලීග් ක්‍රමයට එය පැවැත්වේ  තරග සංඛ්‍යාව 23 කි  සහභාගි වන උපරිම කණ්ඩායම් සංඛ්‍යාව 5 කි  එම සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඇතුලත් වෙති  යොදා ගන්නා පුහුණුකරුවන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති අය වීම අනිවාර්යය වෙයි  තරගය විනිශ්චය සදහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරු 6 දෙනෙක් එක් වෙති  සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස  මහනුවර පල්ලෙකැලේ  රංගිරි දඹුලු සහ හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයන් හිදි පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11