අකුණු ප්රහාරයකින් බද්දේගම ප්රදේශයේ නිවාස 8 කට දැඩි අලාභ හානි
බද්දේගම හිගුරගොඩදුවවත්ත ප්රදේශයට අද පස්වරුවේ එල්ල වු අකුණු ප්රහාරයකින් එම ප්රදේශයේ නිවාස 8 කට පමණ දැඩි අලාභ හානි සිදුවී ඇතැයි බද්දේගම පොලිසිය කියයි. නිවාස ඇතුලේ පුපුරා ගිය අකුණු නිසා ඇතිවු අධික ශබ්දයට ළමයින් දෙදෙනෙකු දැඩි කම්පනයට පත්ව ඇතැයි පොලිසිය සදහන් කරයි. නිවාස රැසක විදුලි මනුවලට හානි සිදුවි ඇත. විදුලි උපකරණ රැසකටද අලාභ හානි සිදුවී තිබේ.
ඉමදුව දඩුවන ග්රාම නිලධාරී වසමේ නිවසකට එල්ල වු අකුණු සැර හේතුවෙන් එම නිවසේ සැමියා හා බිරිඳ පිළිස්සුම් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එම නිවසේ විදුලි උපකරණ සියල්ලම පිළිස්සී ගොස් ඇතැයි පොලිසිය කියයි. පවතින ධාරාණිපාත වැසි සමග පැවති අකුණු සැර හේතුවෙන් ඉමදුව ප්රාදේශිය ලේකම් බල ප්රදේශයේ අගුලුගහ . රංගොඩ සහ දඩුවන යන ග්රාම නිලධාරී වසම්වල නිවාස 3 ක සාමාජිකයන් 12 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ඉමදුව ප්රාදේශිය ලේකම් ජී ජී ලක්ෂ්මි කාන්ති මෙනවිය පැවසුවාය.