උපාධිධාරීන්ට රැකියා සොයා ගත හැකි පරිදි උසස් අධ්‍යාපනය ප්‍රතිසංවිධාන කළ යුතු බව ජනපති කියයි

Share Button

උපාධිධාරින්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට ඉවහල් වන පරිදි උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගත නොහැකි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකිය. උපාධිධාරින් රැකියා ඉල්ලා පෙළපාලි යාම වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව එතුමා පෙන්වා දෙයි. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්‍රමුඛ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය. ජනාධිපති කාර්යාලයේදී එය පැවැත්වින. විශ්ව විද්‍යාල සහ පාසල් යලි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි. දැනටමත් හදුන්වා දී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවදුරටත් වැඩිදියුණු කළයුතුය. ඉදිරියේදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් සියයට 30 ක්වත් ඔන්ලයින් අධ්‍යාපනයට යොමු විය යුතු බව එතුමා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11