ශ්‍රී ලංකන් ගුවන් සේවය සීමිත ගුවන් ගමන් මෙහෙයුම්

Share Button

ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කරන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් අද දින ගුවන් මෙහෙයුම් සිදු විය. මගීන් 319 දෙනෙකුට එමගින් පහසුකම් ලැබුණු අතර ඒ සදහා ගුවන් යානා 5 ක් යොදා ගැනිණ. මගීන් 221 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට දහවල් 12.00 ට ගුවන් තොටුපල වෙත පැමිණියේය. එම යානයෙන් පැමිණි මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් තවත් යානයකින් චීනයේ ෂැංහයි නුවර වෙත අද පස්වරුවේ පිටත් කර හැර තිබිණ. මාලදිවයිනේ සිටද මගින් 63 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපල වෙත අද පස්වරුවේ පැමිණ ඇත.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඕනෑම අවස්ථාවක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ තත්ත්වයක පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහි නිරීක්ෂණ චාරිකාවක අද නිරත වු අවස්ථාවේ දී ඇමතිවරයා මේ බව කීවේය. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිටවීමේ මගී පර්යන්තයට අලුතින් කොටසක් එක් කර දර්ශනීය පෙනුමක් ලබා දුන් බවත් . එමගින් මගීන්ට වඩාත් ඉඩ පහසුකම් සැලසෙන බවත් ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11