ගතවු පැය 24 තුලදී වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයෙන්

Share Button

දිවයිනේ පළාත් කිහිපයකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් ගංගා 10 ක් ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලනි . කඵ . නිල්වලා . ගිං . බෙන්තර යන ගංගා සහ මීඔය . අත්තනගලු ඔය . දැදුරුඔය . කිරමඔය හා ඌරුබොකුඔය ආදියේ ජල මට්ටම ඉහල යමින් පවතී. ඒ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සි සුගීෂ්වර මහතා පවසයි.
මේ අතර අද පස්වරු 4.30 න් අවසන් වු පැය 24 තුලදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති වර්ෂාමාන 2 කින් ඉහලම අගයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්ගම සිරිකඳුරවත්තේ පිහිටා ඇති වර්ෂා මානයේ මිලිමිටර් 182 යි දශම 5 ක වර්ෂාපතනයක් වාර්තා වි ඇත. හික්කඩුව හෑගොඩ ප්‍රදේශයේ වර්ෂාමානයේ මිලිමිටර් 154 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. ඊට අමතරව කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයට මිලිමිටර් 112 ක වර්ෂාපතනයක් ද රත්මලානට මිලිමිටර් 103 යි දශම 5 ක වර්ෂාපතනයක් ද වර්තා වී තිබේ. ඉදිරියේදී තවදුරටත් වැසි සහිත කාලගණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11