ජපානයේ දිස්ත්‍රික්ක රැසකට පනවා තිබු හදිසි තත්ත්වය ඉවතට
ජපානයේ දිස්ත්‍රික්ක රැසක හදිසි තත්ත්වය ඉවත් කිරීමෙන් පසු කොරෝනා වයිරසය පැතිර යාම මැඩපැවැත්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එරට අගමැති ෂින්සෝ අබේ මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. එරට දිස්ත්‍රික්ක 47 කින් දිස්ත්‍රික්ක 39 ක් සදහා ප්‍රකාශයට පත්කර තිබු හදිසි තත්ත්වය අද ඉවත් කෙරිණ. වයිරසය මැඩපැවැත්වීම සදහා එන්නතක් සොයා ගන්නා තුරු රජය දිගුකාලීන සැලැස්මක් අනුව කටයුතු කළ යුතු වෙයි. වයිරසයෙන් එල්ල විය හැකි දෙවැනි හා තුන්වැනි අවස්ථා සදහා ද ජනතාව සුදානමින් සිටිය යුතු බව හෙතෙම කියයි.
====
සිම්බාබ්වේ පුරා පැතිර යමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගතය පිටුදැකීම සදහා ඉදිරිපෙළ කටයුතු කරන සියථ අංශ සදහා අප්‍රිකානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන දාහතරකට ආසන්න මුදලක් ලබා දෙයි. මෙමගින් එරට හයලක්ෂ අසු දහසකට පමණ පිරිසකට සෘජුවම ප්රතිලාභ සැලසේ. සිම්බාබ්වේ රජය කළ ඉල්ලීමකට අනුව මෙම මුදල් ලබා දුන් බව අප්‍රිකානු සංවර්ධන බැංකුව සදහන් කරයි.