මේ වසරේ පෙබරවාරි මාසයේ වෙලෙද හිගය පුඵල් – ශ්‍රී ලංකා මහබැංකුව

Share Button

2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසයේ වෙලෙද හිගය පුඵල් වි ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව අද නිකුත් කළ බාහිර අංශයේ ක්‍රියාකාරකම් දැක්වෙන වාර්තාව සදහන් කරයි. අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම් ඉහල යාම මීට හේතුවයි. මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු බිඳවැටුනු සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් යලි බිඳවැටීමට ලක් විය. රජයේ සුරැකුම්පත් සහ කොළඹ කොටස් වෙලෙදපොල වසා දැමීම නිසා ශුද්ධ ගෙවීම් පමණක් සිදු විය. මාර්තු සහ අප්‍රේල් මාසවල රුපියලේ අගය බිඳවැටුන ද යලි ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11