අචාර්ය දීපිකා උඩගමට එරෙහි ද්වේශ සහගත ප්‍රකාශය පිළිබදව පරීක්ෂණයක්

Share Button

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිපිකා උඩගම මහත්මියට එරෙහිව සිදුකළ ද්වේශ සහගත ප්‍රකාශය පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැති කාර්යාලය පොලිස්පති වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම එම ප්‍රකාශය තරයේ හෙළා දකින බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව පත්කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ස්වාධීන ආයතනයකි. එවන් ආයතනයක සභාපතිනිය ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීම බරපතල කරුණකි.

ඒ අනුව අගමැති කාර්යාලය විසින් පොලිස්පතිට ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සෙසු කොමසාරිස්වරුන්ගේ ද, කාර්ය මණ්ඩලයේ ද ආරක්ෂාව තහවුරු කරන ලෙසට උපදෙස් දී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *