නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු වල නිරතවීමෙන් වළකින්න

Share Button

නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සියලුම ධීවරයන්ට අනතුරු අගවයි. දිවයිනට බලපා ඇති අයපත් කාලගුණික තත්ත්වය ඊට හේතුවයි
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. විශේෂයෙන් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් වර්ධනය වීමේ හැකියාව පවතී. මේ යටතේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. සුළගේ වේගය ද විටින් විට වැඩි විය හැකිය. දකුණ .ු බස්නාහිර .~ සබරගමුව සහ මධ්‍යම පළාත්වලට ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඌව හා නැගෙනහිර පළාත්වලද රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකිය. දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් රඵ විය හැකිය. කොළඹ සිට ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 70 ත් 80 ත් දක්වා තාවකාලික තද සුළං ඇති විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *