මුථ කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව 1027 ක්

Share Button

මෙරටින් වාර්තා වන මුඵ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1027 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අලුතින් කොරෝනා ආසාදිතවුවන් 31 දෙනෙකු ඊයේ හදුනාගෙන තිබෙ. ඊයේ වනවිට ආසාදිත රෝගීන්ගෙන් 569 දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ආසාදිතයෝ 449 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට හතලිස් නව ලක්ෂ හැත්තෑ නව දහස ඉක්මවා තිබේ. ලොව පුරා තුන් ලක්ෂ විසි හතර දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇත. පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව දහ නව ලක්ෂ පනස් හත් දහස ඉක්මවයි. මේ අතර ඇමරිකාවේ ඊයේ දිනයේ දී අලුතින් කොරෝනා ආසාදිත වුවන් දහ අට දහසකට වැඩි පිරිසක් හදුනා ගෙන තිබේ. ඊයේ දිනය තුළදී එරට මිය ගිය සංඛ්‍යාව එක් දහස් පන්සියකට ආසන්න විය. බ්‍රසීලයේ ද ඊයේ දිනයේ දී වාර්තා වු මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ. රුසියාවෙන් සහ ස්පාඤ්ඤයෙන් ද අලුතින් ආසාදිතයන් සැලකිය යුතු සංඛ්‍යාවක් හදුනාගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11