බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

Share Button

බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමති නෙල්සන් ටෙයිච් මහතා ඉල්ලා අස්වෙයි. මාසයකට අඩු කාලයකදී එරට ඉල්ලා අස්වු දෙවැනි සෞඛ්‍ය ඇමතිවරයා ඔහුයි. කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට එකග විය නොහැකි බව හෙතෙම සදහන් කරයි. ඔහු එරට කාය වර්ධන මධ්‍යස්ථාන සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන යලි විවෘත කිරීමට ක්‍රියා කිරීම නිසා එරට ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්ව තිබේ

===

කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ කෘෂිකාර්මික කටයුතුවලට ඇති බාධා හේතුවෙන් බොහෝ අප්‍රිකානු රටවලට තම පුරවැසියන් පෝෂණය කිරීමට ඇති හැකියාව අඩපණ කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. කොරෝනා වෛසරය අප්‍රිකානු මහද්වීපයේ ආවේණික සාගින්න හා මන්දපෝෂණ අර්බුදයට පිළියම් යෙදීමේ දී බාධාවක් වනු ඇතැයි එම සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මැට්ෂිඩිසෝ මොයිට් මහතා ප්‍රකාශ කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව අප්‍රිකාවේ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂයෙන් පීඩා විදියි. එම කලාපයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් සියයට 30 ක් වර්ධනය අඩු වී තිබේ.
====
කොවිඩ් නයින්ටීන් වසංගතයට එරෙහි ගෝලීය සටනේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුමුඛ භූමිකාවට සම්පුර්ණ සහාය දෙන බව චීන රජය පවසයි. එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ නිළධාරියෙකු ප්‍රකාශ කලේ චීනය තුළ පැතිර ගිය කොරෝනා වසංගතයේ තොරතුරු නිරන්තරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රජාව සමග හුවමාරු කර ගත් බවයි. චීනයේ ක්ෂේත්‍ර චාරිකාවක් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ට ආරාධනා කරන බවද හෙතෙම සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11