ඇමරිකාවේ අඩු ආදායම්ලාභීන්ට රැකියා අහිමි වෙයි

Share Button

නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අඩු ආදායම්ලාභී පවුල් අතරින් සියයට 40 කට රැකියා අහිමි වෙයි. පෙබරවාරි මාසයේදී රැකියාවල නිරතවූ සෑම වැඩිහිටි පුද්ගලයන් පස් දෙනෙකුගෙන් අයෙකුට මාර්තු මාසයේදී හෝ අප්‍රේල් මස මුලදී ස්ථිරවම හෝ තාවකාලිකව රැකියාව අහිමි ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එරට ෆෙඩරල් බැංකුව සිදු කළ මෙම පර්යේෂණයට අනුව ඩොලර් හතලිස් දහසට අඩු ආදායමක් ඉපයූ අය අතුරින් සියයට 39 කට සිය රැකියාවෙන් සමුගැනීමට සිදුව ඇත. ඩොලර් ලක්ෂය ඉක්මවු ආදායමක් සහිත අය අතරින් රැකියා අහිමි වී ඇත්තේ සියයට 13 කට පමණි.

කොරෝනා වසංගතය මැඩලීම පිණිස බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කර ඇති නීරෝධායන ක්‍රියාවලියට විරෝධය පළ කරමින් ලන්ඩනයේ හයිඩ් පිටියට රැස්වූ පුද්ගලයෝ 19 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙති. විරෝධතාකරුවන්ට විසිර යාමට කළ දැනුම්දීම නොසලකා හැරීමෙන් පසු මෙම පියවර ගත් බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය කියයි. මාර්තු මස 23 වෙනිදා සිට එරට ක්‍රියාත්මක නීරෝධායන වැඩසටහන විරෝධතාකරුවන් විසින් සඳහන් කර ඇත්තේ කුරිරුකමක් වශයෙනි. එරට කම්කරු පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝබින්ගේ වැඩිමහල් සොහොයුරු පියර්ස් කෝබින්ද විරෝධතාකරුවන් අතර වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිතවීමන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ දොලොස් දහස් දෙසීය ඉක්මවා තිබේ. අවසන් වරට නිකුත් කර ඇති දත්තවලට අනුව මේ වන විට ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව හතලිස් හත්ලක්ෂ දාහතර දහස් 300 ට අධිකය. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි එම සංඛ්‍යාව අසූ නවදහස් 500 කට අධිකය. එරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව පහලොස් ලක්ෂ පන්දහස් 200 ඉක්මවා තිබේ. එක්සත් රාජධානියෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් දහසකට ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව තිස් හතරදහස් 400 ට අධිකය. මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනූදහස් 600 ඉක්මවා තිබේ. එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව දෙදහස් අටසිය 70 කට අධිකය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11