ශ්‍රිී ලංකා මැදි ආදායම් රටක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

Share Button

ශ්‍රී ලංකාව මේ වනවිට මැදි ආදායම් ලබන රටක් බවට පත් වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයේ දෙවන අදියරට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයත් සමග අරාජික රාජ්‍යයක් බවට පත්ව තිබු රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වෙනස් කිරීමට හැකිවු බවයි. එමෙන්ම ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට හැකි පරිසරයක් වර්තමානයේ රට තුල ගොඩනගා තිබේ. කොරෝනා මර්දනයට ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ද ලක්වී ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් නියමිත කාලයේදිී මැතිවරණ පැවැත්විය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසි දිනක මැතිවරණ කල් දමන නායකයෙකු නොවන බවද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11