දින වැටුප පරිත්‍යාග කිරීම ආරක්ෂක අංශවලට අදාල නොවන බව ආරක්ෂක ලේකම් කියයි
කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මුල්‍ය අපහසුතාව මගහරවා ගැනීමට දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස කර ඇති ඉල්ලීම ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අදාල නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි සන්නද්ධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ගේ දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙසට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇති බවට සමාජ මාධ්‍යවල පළ කෙරෙන වාර්තා ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කරයි මේ පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඩ්€~ වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදි ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ