දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් වැසි – සහන සැලසීමට රුපියල් මිලියන 48 ක්ඩ්

Share Button

ඉදිරි පැය 72 දී දකුණ   බස්නාහිර   සබරගමුව   මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි  ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ඉක්මවු තද වැසි ඇතිවේ  දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර 60 දක්වා වැඩි විය හැකිය

අම්පත් සුළි කුණාටුව උතුරට බරව ඊසාන දිසාවට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පවසයි  බස්නාහිර  සබරගමු   දකුණ හා මධ්‍යම පළාත්වලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ  හෙට දිනයේ දී වර්ෂාපතනයේ වැඩි වීමක් ඇතැයි ඔහු කියයි  එබැවින් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී
අයහපත් කාලගුණයෙන් විපතට පත්වුවන්ට සහන සැලසිීමට රුපියල් මිලියන 48 ක මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇතැයි ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසයි  නිවාස 4137 කට හානි සිදුව තිබේ  හානි තක්සේරු කරන තෙක් නිවාස හානි සදහා එක් පවුලකට රුපියල් දස දහසත් විසිපන්පන්දහසත් අතර මුදලක් ගෙවීමට ක්‍රියා කර ඇතැයි ද ඔහු කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11