ඉදිරි පැය 06 තුළදී චන්ඩ සුළිකුණාටුවක්

Share Button

චන්ඩ සුළි කුණාටුවක් වන අම්ෆන් මේ වනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රීතව අද අලුයම 2.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කිලෝ මීටර් 740 ක් පමණ දුරින් ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 06 තුළදී අතිශයින්ම චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අනුමාන කෙරේ. එහි බලපෑමෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමිීටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතයක් ද ඇති විය හැකිය. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිහ හැකිය. දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවු ඉතා තද වැසි ද ඇති විය හැකිය. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *