විදෙස් වල සිට යළි පැමිණීමට පෙර තම රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම ගැන සිතා බලන්න – විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ

Share Button

බලපෑමට ලක්වු අවස්ථාවකදී හැර විදෙස් වල සිට දිවයිනට යළි පැමිණීමට පෙර තම රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබදව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයන්ගෙන් සහ දෙමාපියෙන්ගෙන් ද ඉල්ලීමක් කරයි. ශ්‍රී ලාංකිකයන් තිස් අට දහසකට වැඩි පිරිසක් ආපසු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඉන් විසි අට දහසකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රමිකයන් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දක්වන විදේශ ලේකම්වරයා මෙම අවස්ථාවේදී රජයේ ප්‍රමුඛතාව වන්නේ ආපසු පැමිණීමට අවශ්‍යතාවය තිබෙන හා සමහර අවස්ථාවලදී පැමිණිය යුතුව තිබෙන සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු රැගෙන ඒම බව සදහන් කරයි. විීසා හා අනෙකුත් ලිපි ලේඛණ නොමැතිවීමෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට පත්ව සිටින පිරිස්. රැකියා වලින් නෙරපා හරින ලද පිරිස් කෙරෙහි ප්‍රමුඛ අවදානය යොමු කෙරේ.විදෙස් රටවල නතර වන අය සහ විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අය සදහා උපකාර කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය ද නියෝජනය වන දුත මණ්ඩල 16 ඇතුථව විදේශ වල පිහිටි දුත මණ්ඩල 67 හි විවිධ ජාලයන් මගින් අවශ්‍ය පියවර ගන්නා බවද ලේකම්වරයා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11