ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල උසස්වීම් දාහතර දහස් හයසිය දාහත්

Share Button

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දාහතර දහස් හයසිය දාහත් දෙනෙකුට නිල උසස්වීම් පිරිනැමේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේ දී මෙම උසස්වීම් පිරිනැමීමට නියමිතයි. එම උත්සවය බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. රටේ භෞමික අඛන්ඩතාවය සහ ඒකීයභාවය ආරක්ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වභාවික විපත්. ත්‍රස්තවාදී තර්ජන. ගෝලීය වසංගත වැනි ව්‍යසනවලදී යුද්ධ හමුදා සාමාජිතයන් සිදුකළ කැපකිරීම් වෙනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සෙසු නිලයින් දිරිගන්වමින් මෙලෙස උස්ස්වීම් සිදු කරනු ලබයි. පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 වැනිදාට යෙදුනු 70 වන යුද්ධ හමුදා සංවත්සරයේ දී ද නිළධාරීන් 210 ක් ඇතුථ තවත් සෙසුනිලයින් 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ ඊළග නිලයට උසස් කරනු ලැබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11