කුවේට්හී සිටින ශ්‍රී ලාංකිකයින් 450 දෙනෙකු හෙට දිවයිනට

Share Button

රැකියා සදහා විදෙස් ගතවූ කුවේට් දේශයේ රැදී සිටින පුද්ගලයින් 450 දෙනෙකු හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන්නා ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනේ. හෙට පැමිණෙන පිරිස නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කියයි. කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් මෙම පිරිස දිවයිනට පැමිණිමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *