රටවල් රැසක් තවදුරටත් කොරෝනා නිති ලිහිල් කිරීමට තීරණය කරයි

Share Button

කොරෝනා මරණ අනුපාතය සීග්‍රයෙන් පහත බැසීම නිසා ස්පාඤ්ඤය සහ ඉතාලිය නිරෝධායන නිති තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කුඩා අවන්හල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ අවධානය යොමුව තිබේ. යුරෝපයේ රටවල් රැසක විරැකියා අනුපාතය ඉහල ගොස් ඇත. කොටස් වෙලදපොල බිදවැටීම යලි ස්ථාවර කර ගැනීම අපේක්ෂාව බව ස්පාඤ්ඤය සහ ඉතාලිය කියයි.
මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 48 ලක්ෂ හාර දහස් 294 කි. ඇමරිකාවෙන් ආසාදිතයෝ 15 ලක්ෂ 27 දහස් 664 දෙනෙක් වාර්තා වෙති. රුසියාවෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2 ලක්ෂ 81 දහස් 752 කි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 2 ලක්ෂ 77 දහස් 719 දෙනෙකුද බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 2 ලක්ෂ 43 දහස් 695 දෙනෙකු ද වාර්තා වේ. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2 ලක්ෂ 41 දහස් අසූවකි. ඉතාලියේ ආසාදිතයෝ 2 ලක්ෂ 25 දහස් 435 දෙනෙක් ප්‍රතිකාර ලබති.
මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 3 ලක්ෂ 16 දහස් 730 ක් ලෙස දැක්වේ. ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව අනූ දහස් 978 කි. බ්‍රිතාන්‍යයෙන් මරණ 34 දහස් 636 ක්ද ඉතාලියෙන් මරණ 31 දහස් 908 ක්ද වාර්තා වේ. ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 28 දහස් 108 කි. ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 27 දහස් 650 ක්ද බ්‍රසීලයෙන් කොරෝනා මරණ 16 දහස් 122 ක් වාර්තා වේ.
ලෝකයේ කොරෝනා වැලදී සුවවූ මුඵ සංඛ්‍යාව 18 ලක්ෂ හැට දහස් පනහක් ලෙස දැක්වේ. ඇමරිකාවේ 3 ලක්ෂ 46 දහස් 389 දෙනෙක් සුවය ලබා සටිති. ස්පාඤ්ඤයේ සුවය ලැබූ සංඛ්‍යාව 1 ලක්ෂ 95 දහස් 945 කි. ජර්මනියේ 1 ලක්ෂ 54 දහස් 600 දෙනෙකුද ඉතාලියේ 1 ලක්ෂ 25 දහස් 176 දෙනෙකුද සුවය ලබා සිටී. තුර්කියේ සුවය ලබා ඇති මුඵ සංඛ්‍යාව 1 ලක්ෂ නම දහස් 962 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *