ඕවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට ඕස්ට්‍රෙිලියාවේ උත්සාහයක්

Share Button

මේ වසර අගදී පැවැත්වීමට නියමිත ඕවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට ඔස්ට්‍රෙිලියාව බලාපොරොත්තු වෙයි නිරෝදායන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් මේ සදහා වු තරග 45 පැවැත්වීම අපේක්ෂාවයි  ඊට කණ්ඩායම් 15 ක් එක්වෙති ඔස්ට්‍රෙිලියාවේ නගර හතක තරග පැවැත්වේ  ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ක්‍රිඩාලෝලීන් නොමැතිව තරග පැවැත්වීම සුදුසු බවයි  එරට හැරල්ඩ් පුවත්පත ඉකුත්දා සදහන් කලේ මෙම තරගාවලිය ලබන පෙබරවාරි දක්වා කල්යනු ඇති බවයි  එසේ වුවහොත් තවත් ජාත්‍යන්තර තරග කිහිපයක් සමග ගැටිමට සිදුවනු ඇත  ඒ අතරම ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් නොවැම්බර් මාසවල පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමුකර ඇත  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලට විශාල මුදලක් ලැබෙන එම තරගාවලිය ද මේ වසරේ කෙසේ හෝ පැවැත්වීමට අවධානය යොමුවී ඇත  පවතින තත්ත්වය හමුවේ ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් ආයතනය  ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන්ම ජගත් ක්‍රිකට් කවුන්සිලය ද අවුල් ජාලයක පැටලි ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11