විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබු සිසුන්ට අයදුම්පත් සහතික කර ගැනීමට දින තුනක්
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින සිසුන්ට අයදුම්පත් සහතික කර ගැනීම සදහා ලබන 20 21 සහ 22 දිනවල පහසුකම් සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමිම නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබු සිසුන්ට අයදුම්පත් සහතික කර ගැනීමට අවස්ථාව නොලැබුනි මේ නිසා පාසල් අපේක්ෂකයන් ලෙස උසස් පෙළ විභාගයට පෙනි සිට සමත්වු සිසුන්ට සෞඛ්‍ය ආරක්ෂික ක්‍රම අනුගමනය කරමින් මෙම අයදුම්පත් සහතික කර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේ