රාජ්‍ය ආයතන දේශපාලනය නොකළ යුතු බවත් ආයතන දියුණු කිරිීමට ක්‍රියාකළ යුතු බවත් ජනාධිපතිතුමා කියයි

Share Button

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු යැයි තමා අපේක්ෂා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි කළ යුත්තේ ආයතන දියුණු කිරීමය ඒ සදහා ආදායම් ජනනය කළ යුතුය කාර්ය්කෂ්මතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතුය  වියදම සහ නාස්තිය පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ  රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ වැඩකරන ජනතාවගේ ආදායමෙනි  එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුය  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානින් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසීය  සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායෙන් අපේක්ෂා නොකෙරේ  එහෙත්  සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සදහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළ යුතුය කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑමක් ඇති විය  ආයතන ප්‍රධානින් රට ගැන සිතා වැඩකළ යුතුය  එසේ නොකළහොත් ආයතනය කඩා වැටිමේ හැකියාව වැඩිය  මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සදහා ද රාජ්‍ය ආයතන සැලසුම් සහගතව ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිතුමා කිවේය  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීම පිණිස සාකච්ඡාව කැදවා තිබුනි  සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හදුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කළ යුතුය  නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපතිතුමා සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දුන්නේය  ආයතනය පත්ව ඇති තත්ත්වය පිළිබඳව සේවකයන් නිරතුරුව දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා කීවේය  තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සදහා වෙහෙසි වැඩ කිරීමට ඔවුන් පොලඹ වන ලෙස ජනාධිපතිතුමා කීවේය  සංස්ථා සේවකයන්ගේ උපරිම කාර්යක්ෂමතාව සහතික කරන අතර විධිමත් සැලැස්මක් යටතේ ආදායම් වර්ධනයට ගතයුතු පියවර ජනාධිපති ලේකම් ආචාර්ය පී බී  ජයසුන්දර මහතා පැහැදිලි කළේය  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ  අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *