11 වෙනි රණවිරු අනුස්මරණ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share Button

දේශයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් දිවි හිමියෙන් සටන්වැද දිවිපිදූ අතුරුදන්වූ රණවිරුවන් අනුස්මරණය කෙරෙන රණවිරු අනුස්මරණ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04.00 සිට පස්වරු 06.15 දක්වා පැවැත්වේ.
2009 මැයි මස 19 වෙනිදා ජයග්‍රහණයෙන් අවසන් වූ සටන විසින් නියෝජනය කෙරෙන සියලු ජන කොටස්වල බලාපොරොත්තු යතාර්ථයක් බවට පත්කිරීමට හැකි වීම රණවිරුවා උදෙසා කළ හැකි මහගුතම උපහාරය බව පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. දිනාගත් නිදහස සහ සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතුය. ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනගන අතර රටේ ප්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය හා බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව තිබේ. කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද අප කිසි විටෙකත් පසුබසින්නේ නැත. ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම් සෞඛ්‍ය සේවය හා ආරක්ෂක අංශ ඇතුඑ රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. රට දෙකඩ කිරීම නතර කළ රණවිරුවාට සහ ඔවුන්ට උපරිම සහයෝගය දුන් පුරවැසියාට කල හැකි ඉහලම ගෞරවය එය බව තරයේ අදහන්නේයැයි ජනාධිපතිතුමා නිකුත් කර ඇති පණිවුඩයෙහි දැක්වෙයි.
දැඩි කැපවීමකින් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. වත්මන් තරුණ පරම්පරාවේ අදිටන විය යුත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් හොඳ අධ්‍යාපනයක් ලබා වගකිව යුතු පුරවැසියන් ලෙස තම යුතුකම් ඉටුකිරීම බව පණිවුඩයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11