ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග වාරය අගෝස්තු මාසයේ සිට

Share Button

නව කොරෝනා වසංගත තත්ත්වය මත කල් දමන ලද ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග වාරය අගෝස්තු මාසයේ සිට යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය තීරණය කරයි. ඒ අනුව ෆින්ලන්තයේ පැවැත්වෙන මහාද්වීපික තරගාවලියේ එක් අදියරකින් අගෝස්තු මස 11 වෙනිදා තරග වාරය යළි ඇරඹීමට නියමිතය. ඔක්තෝබර් 17 වෙනි දින චීනයේ පැවැත්වෙන ඩයමන් ලීග් තරගාවලියෙන් මෙවර තරග වාරය නිමාවට පත්වනු ඇත. මෙම කාලය තුළ තරගාවලි 18 පැවැත්වීමට සැළසුම් කර ඇති බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *