නව කොරෝනා වෛරසය හටගත් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි රටවල් කිහිපයක් ඉල්ලයි

Share Button

නව කොරෝනා වසංගතය අවසන් වී නැති තත්ත්වය මත මෙම වෛරසය පැතිරීම ආරම්භ වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කල් වැඩි බව චීනය කියයි. මේ වන විට ප්‍රධානතම කාර්යභාරය විය යුත්තේ මෙම වෛරසය මැඩපැවැත්වීමට ඒකාබද්ධව කටයුතු කිරීම බව චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ අතර කොරෝනා වෛරසය පහළ වීම හා පැතිරීම සම්බන්ධයෙන් ස්වාධීන පර්ක්ෂණයක් පැවැත්විය යුතු බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධානත්වයෙන් ගෙන ආ යෝජනාවකට ලොව රටවල් 110 ක අනුග්‍රහය ලැබී තිබේ. රුසියාව බ්‍රිතාන්‍යය ඉන්දියාව මෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් ද ඒ අතර වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *