පාකිස්ථාන – ඉන්දියා කාෂ්මීර දේශ සීමා අර්බුදයක
කාෂ්මීර දේශ සීමාව ආශ්‍රිතව දෙරට විසින් එළඹ ඇති සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කරන්නේයැයි පාකිස්ථානය ඉන්දියාවට චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් පකිස්ථානයේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රීය නිලධාරියා පකිස්ථාන විදේශ අමාත්‍යාංශයට කැඳවා චෝදනා ඉදිරිපත් කර තිබේ. පසුගිය 17 වෙනිදා මෙම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පකිස්ථාන වැසියකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ. මෙම වසරේ පමණක් ඉන්දියාව විසින් එක්දහස් අසූ වාරයක් සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කර ඇති බවද චෝදනා පත්‍රයෙහි දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.