ලොව වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ තුන්වැනි ස්ථානයට බ්‍රසීලයෙන් පත්වේ

Share Button

බ්‍රිතාන්‍යය පසුකරමින් තුන්වැනියට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට බ්‍රසීලය පත්වී තිබේ. එරටින් මේ වන විට වාර්තා වන වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 255000 ඉක්මවා ඇත. වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 16853 ක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර එය ලොව හය වැනියට වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාවයි.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කළ හැකි එන්නතක් නිපදවීම සඳහා සිදුකළ පර්යේෂණ සාර්ථක වී ඇතැයි අමෙරකානු ආයතනයක් පවසයි. මොඩර්නා නමැති එම ආයතනය පවසන්නේ ඊට යොදා ගත් මුල්ම පුද්ගලයින් 8 දෙනා තුළ උදාසීන ප්‍රතිදේහ සොයා ගැනීමට හැකිවූ බවයි. වෛරසය ආසාදිත පුද්ගලයින්ට එහි ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සමාන බව එම ආයතනය වැඩිදුරටත් පවසයි. එන්නත සඳහා වන මහා පරිමාණ පරීක්ෂණ ජූලි මාසයේ සිට ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11