කොරෝනා වසංගතය මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රීී ලංකා රජයට පළ කළ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යවරියගේ ඇගයීමට

Share Button

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි සැසිවාරය ඊයේ ඇමතුවාය  කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයට දැක්වු සහයෝගය සම්බන්ධයෙන් ඇය සිය ස්තුතිය පළ කළාය  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩ්හනම් මහතාගේ නායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණ පසුගිය වසරේ පැවති 72 වැනි ලෝක සෞඛ්‍ය සමුඵවේ සිට මෙවර සෞඛ්‍ය සමුඵව පැවැත්විම දක්වා කාලය තුල මෙරට සෞඛ්‍ය සේවය අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී ලෝක සෞඛ්‍ය නියෝජිතයින් දැනුවත් කළාය  මීට අමතරව විශ්වීය සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතිය ශ්‍රීි ලංකාවේ විශිෂ්ට ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය අදහස් පළ කළාය  කොරෝනා වසංගතය මැඩලීමට ශ්‍රීී ලංකාව හා වෙනත් රටවල් සතු අත්දැකීම් හුවමාරු කර ගනිමින් වයිරසය මර්දනයට ගෝලීය ප්‍රජාව සමග එක් වන බව ඇය පැවසුවාය  රටවල් 194 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සැසිවාරය ඊයේ සහ අද පැවැත්වුනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11