අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට රතු අවදානම් නිවේදන

Share Button

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අවදානම් රතු නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසු විය යුතු බව ඔහු සදහන් ිකරයි
අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇතිවු ආපදා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 65 ක පුද්ගලයින් 494 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි  ආපදාවලට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය  නිවාස 2 කට පුර්ණ හානි සිදුවි ඇති අතර තවත් නිවාස 135 කට අර්ධ හානි සිදුවී තිබේ  අද රාත්‍රි කාලය වනවිට නාගොඩ වැලිවිටිය-දිවිතුර  බද්දේගම හා  බෝපේ-පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුඵ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් ඇතැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය
ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිං ගගේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගිං ගගේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයි ගිං ගග භාර ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු වයි ඒ සී ආර් කුමාර මහතා පවසයි  මේ හේතුවෙන් තවලම සහ නෙඵව ප්‍රදේශවල පහත් බිම් හා අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ අද සවස වනවිට ගගේ පහල කොටසේ ද ජල මට්ටම ඉහල යාහැකි බැවින් විමසිල්ලෙන් පසු වන්නැයි ඒ අවට ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කරයි
මේ අතර බෙන්තර ගගේ සහ මාදු ගගේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් ඉහල යමින් පවතී මාදු ගගේ පිහිටි දූපත්වල පදිංචිකරුවන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව බලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි
මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ජයසුන්දර ඕවිට ගම්මානයේ නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් පවුල් 10 ක සාමාජිකයින් අවතැන් වී ඇතැයි පොලිසිය සදහන් කළේය
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිීය ලේකම් කොට්ඨාසයේ පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය පවසයි  හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට ගල් සහ පස්කඳු කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු මුඵමනින්ම ඇණහිට ඇත
අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර හා ලක්ෂපාන යන ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇතඩ්€ඤු මේ හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහළ යාහැකි බව ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11