රණවිරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට කැපවන බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා

Share Button

රණවිරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි  අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය අභියස රණවිරු ස්මාරකය අසලදී පැවැත්වුනු 11 වැනි රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය  යුද්ධය අවසන් කිරීමට රණවිරුවන් විශාල කැප කිරීමක් කළ බවත් ඊට සේනාධි නායකත්වය වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් බවත් එතුමා සදහන් කරයි  ත්‍රස්තවාදය අවසන් කිරීම තුලින් ජනතාවට බියෙන් හා සැකෙන් තොර රටක් නිර්මාණය වු බව ජනාධිපතිතුමා සදහන් කළේය

මෙහිදී අදහස් දැක්වු රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධිීර මහතා පැවසුවේ මව්බිම නිදහස් දේශයක් බවට පත් කිරීම සදහා රණවිරුවන් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළ බවයි  රණවිරුවන් ඒ වෙනුවෙන් කළ ජීවිත පරිත්‍යාගය ගෞරවයෙන් සිහිපත් කරන බවද හෙතෙම සදහන් කළේය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ විශාල පිරිසක් එම උත්සවයට එක්වී සිටියහ

ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත යුද හමුදා නිලධාරින් 177 දෙනෙකුගේ නිල උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගෙන ඇත ඒ අනුව බ්‍රිගේඩියර් නිලයේ සිටි 5 දෙනෙකු මේජර් ජනරාල් නිලය දක්වාත්   යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 4 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත් උසස් කර ඇත  ඊට අමතරව මේජර් නිලයේ සිටි 9 දෙනෙකු ලුතිතන් කර්නල් නිලය දක්වාත්   කපිතාන් නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වා සහ දෙවන ලුතිතන් නිලයේ සිටි 60 දෙනෙකු ලුතිතන් නිලය දක්වාත් උසස් කර තිබෙ  දිනක් තුල ශ්‍රීි ලංකා යුද හමුදාවේ සිදු කළ වැඩිම උසස්වීම් සංඛ්‍යාව මෙය බව හමුදා ලේකම් කාර්යාලය පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11